කව්රුත් බලන්නේ ලස්සනට ඉන්න, සුදු වෙන්න. ඒක නිසා cosmetic products වලට ලංකාවේ ලොකු ඉල්ලුමක් තියෙනවා. කොහම වුනත් ලස්සන වෙන්න සුදු වෙන්න කියාලා හිතාගෙන ගොඩක් අය පාවිච්චි කරන්නේ තායිලන්තයෙන් පාකිස්තානයෙන් චීනයෙන් import කරන cosmetic product.
මේ වගේ Imported cosmetic කොළඹ කොටුවේ වීදීවල තියෙන cosmetic wholesale shop වලින් ඕනතරම් ගන්න පුලුවන්. නමුත් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ products ආනයනය කරන්න පිලිගත් නියෝජිතයෙක් නෑ, වගකීමක් ගන්න කෙනෙක් නෑ ඕන කෙනෙක්ට alibaba.com එකෙන් bulk order එකක් දාලා ගෙන්නන්න පුලුවන්. මේ products රු. 200- රු. 500 අතර wholesale price එකකට ගන්න පුලුවන්. මේවා තමයි දිවයින පුරා තියෙන saloon වල lovers shop වල විකුනන්න තියෙන්නේ. මොකද ලංකාවේ තියෙන ගොඩක්ම shop වල තියෙන්නේ කොළඹ කොටුවේ වීදීවල තියෙන බඩු තමයි. ඒ විතරක් නෙවෙයි digital විදියට මාර්කට් කරලත් website , facebook page වල ලස්සනට මේ වගේ බාල product අලෙවි කරනවා.නරකම කාරනය තමයි මෑතකදී දෙපාරක්ම පාරිභෝගික අදිකාරියෙන් පැනලා cosmetic wholesale shop වලට නඩු දැම්මා. දඩ ගැහුවා. මේ මොනවා කලත් මේ ජාවරම නතර වෙන්නේ නෑ මොකද පාරිභෝගික අදිකාරියෙන් එන්න කලින් මුදලාලිලා දැනගන්නවා අද වැටලීම කරනවා කියලා. එයාල බඩු හංගනවා. වැටලීම් ඉවර උනාම ආයෙත් පුරුදු විදියට buisness එක කරගෙන යනවා. අපේ මිනිස්සු කිසි දෙයක් දන්නේ නැතුව පරිභෝජනය කරනවා.
ලංකාව කියන්නේ ජෛව විවිධත්වය අතින් ඉහලින්ම ඉන්න රටක්. පැය 4-5ක කාලයක් ඇතුලත විවිධ දේශගුනික පද්ධති වලට යන්න පුලුවන් අපිට. ශාක විවිධත්වය අපිට හිතාගන්නවත් බෑ. සමකයට ආසන්න රටක් නිසා වසර පුරාම හිරු එලිය නොඅඩුව ලැබෙනවා. ඉතින් මේ වගේ වාසනාවන්ත රටක ඉන්න අපි මොකටද artificial විදියට හදපු නිශ්පාදන පරිභෝජනය කරන්නේ? අපේ ලග තියෙන වටිනා අමුද්‍රව්‍ය යොදාගෙන අපේම දෙයක් හදාගන්න බැරි මොකද?
Bilesma Natural සංකල්පය ඇති වෙන්නේ අපේ රටේ තියෙන වටිනාකම ලෝකෙට ගෙනියන්න. අපේ රටේ සම්පත් වලට වටිනාකමක් ලබාදීම තමයි Bilesma Natural අපේ මූලික අරමුන.
Add comment