අපේ පුංචි රටට Internet එන්නේ නැහැ ලංකාවෙම තියන දෙයක් කියලා තමයි මමනම් පුංචි කාලේදි හිතාගෙන හිටියේ. ඒත් මම පස්සේ තාක්ෂණය ගැන හොයන කාලෙදි තමයි දැනගත්තේ ලංකාවට Internet එන්නේ මුහුද යටින් එන කේබල් පද්ධතියකින් කියලා. තින් මෙන්න මේ විදිහට එක එක රටවල් යා කරමින් සම්බන්ධ කෙරෙන මේ කේබල්ස් සම්බැරීන් කේබල්ස් විදිහට හඳුන්වනවා. ලෝකය පුරාවට මෙන්න මේ Internet අරගෙන යන කේබල්ස් සම්බන්ධ වෙන තැන් කලාප විදිහට නම් කරනවා. ඒ වගේම ලංකාවට Internet අරගෙන එන කේබල්ස් ජාලය හඳුන්වන නම තමයි SEA-ME-WE. මේ අකුරු වලින් කියවෙන්නේ South East Asia – Middle East – West Europe කියන නම.
SEA-ME-WE කේබල් පද්ධතිය, ප්රංශයේ සිට සිංගප්පූරුව වෙනකම් දිවෙන අතර සිංගප්පූරුව සහ ප්රංශය අතර තියන රටවල් විශාල ප්රමාණයක් මෙන්න මේ කියන කේබල් පද්ධතිය නිර්මාණය කරන්න මුදල් ආයෝජනය කරනු ලබන අතර ඒ ඒ රටවල් ආයෝජනය කරන මුදල් ප්රමාණය අනුව තමයි ඒ ඒ රටට ලැබෙන Internet Bandwidth (ධාරිතාවය) තීරණය වෙන්නේ. මෙන්න මේ විදිහට SEA-ME-WE Cables 5 ක් සිගප්පූරුවේ සිට ප්රංශයට දිවෙනවා. සතුටට කරුණනම් මෙන්න මේ කියන Cables 5 ම ශ්රී ලංකාවට ආයෝජනය කරලා සම්බන්ධතාවය ලබාගෙන තිබෙන අතර, මේ කියන SEA-ME-WE පද්ධතියට අමතරව තවත් Cables 4 කුත් තියනවා.
1984 වර්ෂයේ පෙබරවාරි මාසයේ 14 වැනි දින රටවල් 21 ක දුරකතන සේවා සපයන් ආයතන (Internet Service Providers) 22 ක් ඒකතු වෙලා SEA-ME-WE 1 Submarine Cable System එක නිර්මාණය කිරිම, මෙහෙයුම් ක්රියා කිරීම සහ නඩත්තු කිරීම සම්බන්ධව ගිවිසුමකට එළැබීමෙන් පසු මෙම කේබල් පද්ධතිය නිර්මාණය වන්නේ. මෙම කේබල් පද්ධතිය කොටස් 8 කින් නිර්මාණය වනවා ඒවානම්,
- සිංගප්පූරුව
- ඉන්දුනීසියාව
- ශ්රී ලංකාව
- ජිබුට්
- සෞදි අරාබිය
- ඊජිප්තුව
- ඉතාලිය
- ප්රංශය
මෙය නිර්මාණය කරන කාලය වන විට ලොව තිබූ දීර්ඝතම සම්මැරීන් කේබල් එක වුනේ මේ SEA-ME-WE 1 කියන කේබල් පද්ධතිය වන අතර මෙහි සම්පූර්ණ දිග කිලෝමීටර් 13,000 ක් පමණ වේ. ඊට අමතරව මෙම පද්ධතිය නිර්මාණය කිරීමට සිංගප්පූරු ඩොලර් 800 කට අධික මුදලක් වියදම් කරනු ලැබූ අතර මෙම කේබල් පද්ධතිය නිර්මාණය වී ඇත්තේ තඹ කම්බි වලින් වන අතර මේ හරහා දුරකතන සම්බන්ධතා Telegram, Fax සහ Internet යන සේවා සැපයීමද සිදු කෙරුන අතර, මෙහිදී කේබල්ස් 4 ක් භාවිතා කිරීම සිදු විණ. මෙම ජාලය තුල කේබල් හරහා සම්බන්ධ වුනු රටවල් සියල්ලම පාහේ නොබිදෙන ස්ථාවර සම්බන්ධතාවයකට හිමිකම් පානු ලැබීය. මෙම කේබල් පද්ධතිය 1999 වසරේදී භාවිතයෙන් මුළුමනින්ම ඉවත් කරනු ලැබීය.
මීට වැඩි කාලයක් නොගොස්ම SEA-ME-WE-1 කේබල් පද්ධධතියේ ධාරිතාවය මෙය භාවිතා කරන රටවල් වලට මදි වීමත් සමග නැවත වතාවක් ඉහත කී රටවල් කණ්ඩායම ඒකතු වී SEA-ME-WE-2 යන නාමයෙන් කේබල් පද්ධතියක් නිර්මාණය කරනු ලැබීය. මෙම පද්ධතිය කලින් පද්ධතිය සමග වෙනස් වන්නේ මෙහි කේබල් එකක් තුල තඹ කම්බි 2 ක් අතුලත් වීමයි. ඇතුතටම කිව්වොත් ඉතින් මෙම SEA-ME-WE-2 කියන කේබල් ජාලයත් අභාවයට ගිහිං ඉවරයි.
SEA-ME-WE-2 ජාලයට පසුව ලෝකයේ වේගවත් දියුණුවත් සමග නවතම කේබල් වර්ගයක් ලොවට දායාද විය එය Optic Fiber ලෙස හඳුන්වනු ලැබූ අතර මේ හරහා ඉතාමත් වේගයෙන් වැඩි දත්ත ප්රමාණයක් වැඩි දුරකට රැගෙන යාමේ හැකියාව ලැබිණි. ඉතින් මෙන්න මේ කියන Fiber Optic කියන කේබල්ස් භාවිතා කරමින් SEA-ME-WE-3 කේබල්ස් පද්ධතිය නිර්මාණය කිරීම 1997 වර්ෂෙය්දී අාරම්භ කෙරුණු අතර 2000 වර්ෂය අවසානය වන විට මෙම කේබල් ජාලය කිෙලා්මීටර් 39,000 ක දිගකින් යුතු විය. මේ සඳහා රටවල් 39 ක Landing Points 39 ක් සමන්විත වූ අතර 1999 වර්ෂයේදී 0.02Tbps ක වේගයකින් යුක්ත්ත නිර්මාණය වුන මෙම පද්ධතිය 2007 වර්ෂයේදී 0.96Tbps ලෙසත්, 2009 වර්ෂයේදී 1.28Tbps ලෙසත් වැඩි දියුණු කිරීමට කටයුතු කෙරුණි. අපේ පුංචි රටට මෙම කේබල් පද්ධතියේ අදාල සබඳතාවය ලබා ගනිනුයේ ගල්කිස්සෙන් වන අතර මෙ සඳහා ආයෝජනය සිදු කර ඇත්තේ Sri Lanka Telecom සමාගමෙනි. අනාගතයේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින SEA-ME-WE-6 කේබල් පද්ධතිය නිර්මාණය කිරීම නිම වීමත් සමඟ මෙම SEA-ME-WE-3 ජාලයේ නිමාව සනිටුහන් කිරීමට නියමිත බව මත දැනටමත් පල වෙමින් පවතිනවා.
2004 වර්ෂයේදී නිර්මාණය කිරීම පටන්ගෙන 2005 වර්ෂයේදී නිර්මාණය කිරීම අවසන් වුනු SEA-ME-WE-4 කේබල් පද්ධතිය ශ්රී ලංකාවේ අන්තර්ජාල ක්ෂේත්රයේ වන පිටුවක ආරම්භයක් වනු අතර මෙය පටන් ගැනීමෙන් අනතුරුව ලබාදුන් වේගය 1.28Tbps වන අතර එය 2018 වර්ෂයේදී 4.6Tbps ලෙස වැඩි දියුණු කිරීමට කටයුතු කෙරිණ. මෙම පද්ධතිය ලංකාවය ඇතුළු රටවල් 16 ක ආන්තර්ජාල සේවා සපයන ආයතන 17 ක් මගින් ආයෝජනය සිදු කරනු අතර අපේ පුංචි රටට මෙහි සබඳතාවය ලැබුනේ ගාලු මුවදොර හරහාය. SEA-ME-WE-1, SEA-ME-WE-2 යන කේබල්ස් දෙකද ලංකාවට සම්බන්ධ වන්නේ ගාලු මුවදොරිනි. මෙම කේබල් පද්ධතීන් වල අයිතිය Sri Lanka Telecom ආයතනය සුතු වේ.
දැනට භාවිතා වන අළුත්ම කේබල් පද්ධතිය විදිහට SEA-ME-WE 5 කේබල් පද්ධතිය හැඳින්විය හැකි අතර. මෙම කේබල් පද්ධතියේ මුළු ධාරිතාවය විදිහට 38Tbps (38 Terabits per second) ලෙස නිර්මාණය කර තිබෙනවා. Sri Lanka Telecom ආයතනය විසින් කර ඇති ආයෝජනය අනුව මේ හරහා ශ්රී ලංකාවට 24Tbps ධාරිතාවයක සබඳතාවයක් හිමි වන අතර ඒ සඳහා ඔවුන් විසින් 100Gbps lines 4ක් භාවිතා කර තිබෙනවා. මේ සඳහා Sri Lanka Telecom ආයතනය සිදු කර ඇති ආයෝජනය රුපියල් බිලියන 20 කි. ලංකාවට lines 4ක් ලැබුණත් එයින් පොදු පරිභෝජනය සඳහා නිකුත් කර ඇත්තේ lines දෙකක් පමණක් වන අතර අනිත් දෙකම රජය, ආරක්ෂක අංශ, බැකු, මූල්යාතන වැනි වැදගත් data centers සඳහා පමණක් භාවිතාව සීමා කිරීම සිදු කර තිබෙනවා. ඉදිකිරීමේ කටයුතු සිදු වෙමින් පවතින SEA-ME-WE 6 කේබල් පද්ධතිය සඳහාත් ශ්රී ලංකාව විසින් ආයෝජනය කිරීම සිදු කර ඇති අතර, එහි සබඳතාවය ලැබීමත් සමඟ SEA-ME-WE 5හි සියළුම ports පොදු පරිභෝජනය සඳහා නිකුත් කිරීමට සූදානම්ව පවතිනවා. SEA-ME-WE 6 කේබල් පද්ධතිය ස්ථාපිත කිරීමෙන් පසු මේ වන විට යම් යම් සීමාවන් දමමින් හඳුන්වා දී ඇති Unlimited packages සියල්ලම කිසිඳු සීමාවකින් තොරව අඩු මිලකට විවිධ වේගයන් යටතේ ලබා දීම සිදු කල හැකි වනවා.
ඉතින් අපි ඊළඟ ලිපියෙන් කතා කරමුකෝ ලංකාවේ අපිට Unlimited Internet ගන්න පුළුවන්ද කියලා.
Add comment