උපතින්ම curly hair තියෙන අය කැමති straight කර ගන්න. straight hair තියෙන අය කැමති curl කර ගන්න. මේ අකාරයට ඔයාගේ hair type එකක් කුමක් වුවත් ඔබට ගැළපෙන ආකාරයට හිසකෙස් සකස් කර ගත හැක.
ඒ ආකාරයට වෙනස් කිරීමේදී භාවිතා කරන chemical සහ අධික heat එක හේතුවෙන් අපේ ස්වාභාවික කොන්ඩයට හානි විය හැක. එසේ හානිවන කොන්ඩය නැවත යතා තත්වයට පත් කර ගැනීමට නොයෙකුත් නිශ්පාදන වෙළඳපොළෙන් සොයා ගත හැකි අතර ඒ පිලිබඳ දැනුවත් වීමද අත්‍යාවශය කරුණකි.
අපේ කොන්ඩය damage වි ඇති බව දැන ගන්නේ කෙසේද ?
කොන්ඩය කැඩි යාම
කොන්ඩයට තාප හානියක් සිදු වී ඇත්නම් ඔබ ඔබේ කොණ්ඩය ponytail එකකට දැමූ විට හෝ හොඳින් පීරද්දී මැදින් කැඩී යයි . තාප හානියේ බරපතලකම අනුව එය මුලුමනින්ම කැඩි යා හැක .
කෙස් අග පැලීම
කෙස් ගසේ කෙලවර වෙන් වෙන්, තුනී කැබලි දෙකකට (හෝ වැඩි ගණනකට) බෙදී ඇත්නම් සහ කොන්ඩය එකට එකතු කල විට විශාල වශයෙන් දක්නට ලැබේ නම් ඔබේ කොන්ඩය දැනටමත් හානි වී ඇත .
දීප්තිය නොමැතිකම
ඔබේ හිස කෙස් වල දීප්තිය අඩු නම් කොන්ඩය සැකසීමේදී ඔබේ හිසකෙස් මත hot tools අධික ලෙස භාවිතා කර ඇත . එවිට ස්වභාවික වර්ණයද හානි විය හැක .
Frizzy hair ඇතිවීම
දේශගුණය, anti-frizz නිෂ්පාදන භාවිතා කර නොමැතිව ඔබේ හිසකෙස් රැළි වැටේ නම්, එය තාප හානිය නිසා සිදු විය හැක.
හිසකෙස් වර්ණය fade වීම
ඔබ සල්ෆේට් රහිත, color-safe hair care routine එකක් භාවිතා කරන්නේ නම්, ඔබේ වර්ණය පැවතිය යුතුය. එය ඉක්මනින් මැකී ගියහොත් එය තාපය නිසා විය හැකිය.
හිස කෙස් හානි වීම අවම කර ගන්නේ කෙසේද ?
නිතිපතා කොන්ඩය trim කරන්න.
ඔබ නිතිපතා කොන්ඩය කප්පාදු කරන්නෙ නම් එමඟින් හිසකෙස් නීරෝගීව තබා ගත හැකි අතර සෑම සති 6-8 වරක් සිදු කල යුතුය.එවිට ඔබට vibrant කෙස්කලඹක් ලබාගත හැක.
හිසකෙස් ශක්තිමත් කරන නිශ්පාදන භාවිතය
හානියට පත් හිසකෙස් අනාගතයේදී කැඩී යාමේ අවදානම වැඩි බැවින්, එය ශක්තිමත් සහ ඔරොත්තු දෙන ආකාරයේ නිශ්පාදන භාවිතා කල යුතුය .
Hair oil එකක් භාවිතා කිරීම
නිතර hair oil භාවිතයෙන් හිසකෙස් පෝෂණය වන අතර කෙස් අග පැලීම නැති වී වර්ධනයද වේගවත් කරයි .
රූපලාවන්‍යය පිලිබඳ සැලකිලිමත් වීමේදී හිසකෙස් පිලිබඳ වැඩි අවධානයක් යොමු කල යුතු අතර හානි වු හිසකෙස් නැවත යථා තත්වයට පත් කරන නිශ්පාදන මිලදී ගැනිම, නිසි පෝෂණය සත්කාරයක් නිරන්තරයෙන්ම හිසකෙස් වලට ලබාදීමට, hot tools මඟින් නිතර හිසකෙස් සඳහා මෝස්තර කිරීම් අවම කිරිම යන කරුනු අනුගමනය කිරීමෙන් හානිය අඩු කර ගත හැකිය.
Add comment