සමනලී ගමක හිටිය ලස්සන දගකාර කෙල්ලෙක්… දගකාරයි වගේම තමයි කට කාරයි, පිරිමි ලමයි එක්ක හරි හරියට එකතු වෙලා පුංචි කාලේ ඉදන්ම සෙල්ලම….. අම්මා නිතර මැසිවිලි නගනවා “උබ කෙල්ලෙක් , කොල්ලො එක්ක අඩව් අල්ලන්න බෑ උබට කියලා…..” නමුත් ඉතින් මේ විනෝදාංශයට කරපු සෙල්ලම් නිසාම ඇය හරිම ක්‍රියාශීලි ලමයෙක් උනා, ඉස්කෝලෙත් ක්‍රීඩා ජයග්‍රහණය වලින් ඉදිරියෙන්ම සිටියා… දවසක් පාසල නියෝජනය කරමින් තිබුණු ක්‍රීඩා උත්සවයකට සහාභාගී වු සමනලී උපරිම දක්ශතා දැක්වූවා. එදින දැක්වූ දක්ශතා නිසා ඇයට ටවුමේ ඉස්කෝලෙට ශිෂ්‍යත්වයක් ලබා ගැනීමේ අවස්තාව හිමි උනා… ඇත්තටම ඒ දවස සමනලීගේ ජීවීතේ හැරවුම් ලක්ශයක් වු දවසක්… සමනලීගේ අම්මා නම් මුලින් ඒ හැටි කැමැත්තක් දැක්වුවේ නැත්තේ ටවුමෙ ඉස්කෝලේට ගමේන් ගොඩක් ඈතට වෙන්න තිබුණු නිසා, ඒ නිසාම සමනලීට අම්මගෙ ලග ඉදලා අලුත් පාසලට යාමට හැකියාවක් නැහැ… පාසලේම නේවාසිකාගාරයේ නතර වෙලා තමයි යන්න වෙන්නේ… අම්මා අමාරුවෙන් හිත හදාගෙන සමනලීගේ අනාගතය ගැන හිතලා අලුත් ඉස්කෝලෙට යන්න කැමැත්ත දෙනවා….
සමනලී නගරේ පාසලට ආවා.. දින කිහිපයකින්ම මිතුරියන් ඇති කර ගැනීමේ හැකියාව ඇයට ලැබුනා. ඒ අතර නෙර්වාසිකාගාරයේ එකම කාමරයේ යෙහෙලිය මයුමි ඇයගේ හොදම යහලුවා උනා… ඉතින් මේ නව යොවුන් විය පසුකරමින් ඉන්න යෙහෙලියන් එකතු උනාම තොරතෝංචියක් නැති කතාය.. සමහර කතානම් සමනලීට අලුත්ය… ඒ කතා හමුවේ සමනලී නිශ්ශබ්දයි, ඇය ඒ වගේ දේවල් මින් පෙර සිතාවත් නැති කතාය…
සබන් ටිකක් මූණේ ගා ඉක්මනට පාසල් යාමට ලැස්ති වෙන සමනලී දකින්නේ මයුමි එක එක සුවද එන ජාති මුහුනේ ආලේප කරන අයුරුය… උදේට දත් මදින්න කණ්නඩිය ඉස්සරහට ගියාම මූණ දිහා බලාගෙන අර කතා ගැන, මයුමි කරන දේවල් ගැන සමනලී හිතන්න ගත්තා.. “ඇත්තටම මයුමි මට වඩා ලස්සනයි ,පැහැපත්.. අව්වේ සෙල්ලම් කරන මම ඒ ගැන කවදාවත් හිතලා නෑනේ ” සමහර වෙලාවට මේ ක්‍රීම් වලින් ටිකක් ගාන්න යැයි මයුමි කියූ විට අනේ මට එපා යැයි කියනවා… මන් ගැන මන් සැලකිලිමත් නෑනේ… ” යැයි ඇය සිතන්නට ගත්තා… සමනලී තමාව අනිත් යෙහෙලියන් සමග සංසන්දනය කරන්න ගත්තා…ඇයටත් ඕනෙ උනේ කොහොමහරි සුදු වෙන්න…. ඇය නොයෙකුත් ක්‍රීම් වර්ග අත් හදා බලන්න ගත්තා… ඒ ක්‍රීම් වර්ග ගාලා අව්වේ සෙල්ලම් කරන්න ගත්තා… මාස කිහිපයකට පසු සමනලී සුදු මැලිඋනා… නමුත් සමනලීටනම් සතුටුයි මූනේ වෙනසක් එයා දැක්ක නිසා… නමුත් අම්මා බලන්න ගිය සමනලීව දැක්ක අම්ම කියන්න ගත්තේ මොකද පුතේ ඔයාගෙ මූනේ අළුහමක්වත් ඇවිත්ද කියලා… අම්මට එහෙම හිතුනේ ඇයගේ මුහුණ වෙනම පාටක්, බෙල්ල තවත් පාටක් සහ අත් කකුල් වෙනම පාටක් වු නිසා… මෙහෙම මාස කිහිපයක්ම ගත උනා සමනලීට ඕනේ උනේ තව තව සුදු වෙන්න… ඇය ආලේපනය ගාන එක නතර කලේ නැහැ… නමුත් ඇයට හිරු රශ්මිය සමග නිතර ගනුදෙනු කරන්න සිදු උනා
අවාසනාවට තවත් දින කිහිපයක් යන්නට මත්තෙන් සමනලීගේ මුහුණ පලුදු වෙන්න පටන් ගත්තා… මුහුනේ ලොකු ගෙඩි, කැලැල් එන්න පටන් ගත්තා… දීප්තිමත්ව තිබූ සමනලීගෙ මුහුණ මලානික වෙලා… වෙද්‍ය ප්‍රතිකාර ගන්න තරමටම සම හානි වෙලා තිබුනේ… වෙද්යවරුන්ගේ මතය උනේ මුහුණේ සමට නැවත හිරු රශ්මිය වැටීමට ඉඩ කඩ තැබුවහොත් සමේ පිලිකා තත්වයක් ඇති වීමේ අවධානමක් ඇති බවයි… අවසානයේ සමනලීට ඇය පුංචි කාලේ ඉදන් ආසාවෙන් කරපු ක්‍රීඩා කටයුතු කර ගැනීමේ අවස්තාවට මග ඇරී ගියා… මේ කතාවේ වගේ අපි කරන සමහර තේරීම් නිසා අපේ මුළු ජීවිතයම අදුරු වෙන්න පුලුවන්, සුදු වෙනවා කියන ආකාල්පයත් ඒ වගේ එකක්, අපි බලාපොරොත්තු වෙන්න ඕනේ පැහැපත් දීප්තිමත් සමක්… සුදු වෙනවා කියන ගොඩක් ආලේපන ඔබට අන්තිමට ඉතුරු කරන්නේ හානි වූ සමක් සහ පසුතැවිල්ලක් පමණි.. අනික ලංකාව වගෙ රටක ඉන්න අපිට මග අරින්නම බැරි දෙයක් තමයි හිරු එලිය කියන්නේ… ඉතින් ක්‍රීම් ගෑවා කියලා කාබරයක් ඇතුලෙම අපිට ඉන්න බෑ මිනිත්තු කිහිපයකට හරි හිරු එලියට නිරාවරණය වෙන්න වෙනවා… ඒ විදියට ඉර එලියට ඔරොත්තු දෙන්න හැදුනු සම ක්‍රීම් ගාලා විනාශ කර ගන්නවා කියන්නේ ඔයාට මේ පරිසරයේ සුන්දරත්වය විදින්න ඉඩකඩ ඇහිරෙන එක සහ විහින් සමේ රෝග හදා ගන්නවා කියන එක..
ඒ නිසා ඔබ ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ කාරනාවක් තමයි ක්‍රීම් වර්ග තෝරා ගැනීම…
පැහැපත් දීප්තිමක් සමක් ලබා ගැනීමට බලාපොරොත්තු වන ඔබට නම් බෙලෙස්මා නැචුරල් නිශ්පාදන කියන්නේ සුදුසුම තෝරා ගැනීමක්… අපේ රටේ අපේ දේශගුණයට ගැලපෙන මෙම නිශ්පදනය ඔබව නිසැකවම දීප්තිමත් කරාවි…. https://bilesmanatural.lk/shop/
Add comment