අද අපි ඉන්නේ 2021 වර්ෂයේ. ඉතාමත් තරගකාරී ජීවන රටාවකට හුරුවෙලා පිස්සුවෙන් වගේ ජීවත් වෙන කාලයක්. උදේට නැගිටින්නේ දහසකුත් ප්‍රශ්න හිතේ තියාගෙන. කන්න ඕන, බොන්න ඕන, ලමයින්ට උගන්වන්න ඕන, ලෙඩට දුකට බෙහෙත් ගන්න ඕන වගේ දහසකුත් ප්‍රශ්නවලට අපි මුදල් වියදම් කරන්න ඕන.
මුදල්…. මුදල්…. මුදල්….
මුදල් කියන්නේ ප්‍රශ්නයක් තමයි. විශේෂයෙන්ම ලංකාව වගේ තුන්වෙනි ලෝකයේ රටවල්වලට. මෙහෙම වෙන්න මූලිකම හේතුව තමයි මූල්‍ය පාලකයින් මුදල් නිසියාකාරව කළමනාකරණය කරපු නැති වීම.
ලංකාවේ මිනිස්සු මෙච්චර අමාරුවේ දාපු ‘මුදල්’ භාවිතයට ආපු හැටි ඔයා දන්නවද? ඒක හරිම රසවත් කතාවක්. ඒ කතාව ඇහුවාම ලාංකිකයෙක් විදියට ඔයාට පුදුම ලැජ්ජාවක් දැනේවි.
ඉස්සර අපිට මුදල් නෝට්ටු කියලා ජාතියක් තිබ්බේ නෑ. ගොඩක් අවශ්‍යතා වුවමනා ඉටුකර ගත්තේ බාටර් ක්‍රමයට. සරලවම කිව්වොත් ඔයාගේ ලග තියෙනවා මීපැණි. මගේ ලග තියෙනවා හාල්. ඔයාගේ මීපැණි ටිකක් මට දීලා මගේ හාල් ටිකක් ඔයා අරගෙන යනවා. අන්න ඒ විදියට තමයි ඉස්සර අවශ්‍යතා සහ වුවමනා ඉටු කර ගත්තේ.
හැබැයි කාලයක් යද්දී පෘතුගීසි, ලංදේසි අවිත් අපිව ආක්‍රමණය කලා. ඊට පස්සේ ඉංග්‍රීසීන් 1815 ලංකාව සම්පූර්ණයෙන් අල්ලා ගත්තා. ඔවුන් ලංකාව ගැන හොදට අද්‍යනය කලා. ලංකාවේ තියෙන ජෛව විවිධත්වය, දේශගුනය, සාරවත් භූමිය, ගුරුත්වාකර්ෂණ බලය, ලංකාවේ අක්ෂාංශ දේශාංශ පිහිටීම වගේ අපි හිතන්නෙවත් නැති දේවල් ඉංග්‍රීසි ජාතිකයින් පර්යේෂණාත්මකව හොයන්න පටන් ගත්තා. ඒක ඔවුන්ගේ තියෙන විශේෂ දක්ෂතාවයක්. ඉංග්‍රීසීන්ට හිරු නොබසින අදිරාජ්ය කියලා කියන්නේ නිකමට නෙවෙයි.
මෙහෙම හොයද්දී තමයි ලංකාවේ හොදම දේවල් ගුණාත්මක විදියට වවන්න පුලුවන් කියලා ඉංග්‍රීසීන් හොයාගත්තේ. ඔව් ඒක ඇත්ත .ලංකාවේ වැවෙන දේවල් වල chemical එක ගොඩක් වෙනස්. ඒකයි අපේ ස්වාභාවික දේවල්වලට මෙච්චර value එකක් තියෙන්නේ
ඔහොම කාලයක් යද්දි තවදුරටත් පර්යේෂණ කරලා ඉංග්‍රීසීන්ට අවශ්‍ය දේවල් වගා කරන්න පටන් ගත්තා. ඔය අතරේ තමයි භාන්ඩ ප්‍රවාහනයේ අවශ්‍යතාවය ඇති වුනේ.ඒකට රටපුරා දුම්රිය මාර්ග පද්ධතිය සැලසුම් කලේ.
සැලසුම් කලත් කෙටි කාලයක් ඇතුලත ඒ කාලේ තිබ්බ තාක්ෂණයත් එක්ක දුම්රිය මාර්ග පද්ධතියක් හදන එක ලේසි වුනේ නෑ. වැඩකරගන්න මිනිස්සුන්ට කතා කලාට ආවේ නෑ මොකද ලංකාවේ අයට සුද්දෝ එපා වෙලා තිබ්බේ. හැබැයි ඕනම දෙයක් කලමණාකරනය කරගන්න ඉංග්‍රීසීන්ට අපූරු හැකියාවක් තිබ්බා.
මුලින්ම ඔවුන් කලේ ලංකාවේ හන්දියක් හන්දියක් ගානේ බාර් දාලා මිනිස්සුන්ට ඕන තරම් බොන්න නොමිලේම දුන්නා. කාලයක් යනකම් දිගටම මේ වැඩේ කලා. අපේ මිනිස්සුත් ගෙදර දොරේ වැඩක් කරලා ඇවිත් හොදට බීලා ආතල් ගත්තා.හැබැයි ටික කාලයක් යද්දී නිකම් බොන්න දෙන එක එකපාරට නතර කලා. දැන් මිනිස්සුන්ට පිස්සු වගෙයි රට බීම බොන්න නැතිව. මේක තමයි හොදම වෙලාව. ඉංග්‍රීසීන් කිව්වා උඹලට බොන්න ඕන නම් සල්ලි දීලා බීපල්ලා කියල.
දැන් කෝ සල්ලි?
උඹලට සල්ලි හොයාගන්න ඕන නම් අපේ ආණ්ඩුවේ වැඩට වරෙන් කිව්වා. ඔන්න ඔහොම තමයි රේල් පාරවල් හදන්න මිනිස්සු එකතු කරගත්තේ. ඊට පස්සේ දවල්ට වැඩ කරලා සල්ලි අරගෙන හැන්දෑවට බාර් එකට ගිහින් බොන්න පටන්ගත්තා
ඔන්න ඔහොම තමයි ලංකාවේ මිනිස්සු සල්ලි අතගාන්න පටන් ගත්තේ 😂😂😂
Add comment