මුතු අහුරු…
අහලා පුරුදුයි නේද අපිට පුංචි කාලේ ඉදන් මුතු කියන වචනය …..
ඔව් ශ්‍රී ලංකාවත් ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා හදුන්වන නිසයි ඒ තරම් හුරුපුරුදු …
එහෙම මුතු ඇටය කියන්න හේතු සාධක එමටයි..
ඒ අතරින් අපේ රටේ ඇති බෙහෙත් ශාක ඖෂධ මුතු අහුරු වලටත් පරාද වටිනාකමක් ලබා දෙන්නේ මිල කල නොහැකි තරම් ප්‍රයෝජන ලබා දෙන වටිනාකමක් ගැබ් වී ඇති නිසාවෙනි. ඇතැම් විට අවසාන මොහොතේ ජීවය ලබා දෙන්නේ මේ ඖෂධයි…
පින් කෙත හෙල රන් දෙරනේ යලි උපදින්නට ප්‍රාර්ථනා කරනුයේද මේ වටිනාකම දන්න ඇත්තන්ය.
රූපලාවණ්‍ය සදහාද මෙමගින් ලැබෙන දායකත්වය අති මහත් ය. ලගම හොදම උදාහරණය වල්ලපට්ට… ඒ එයට වටිනාකමක් ලබා දීමට සමත් වූ අදහසක් නිසාවෙනි..
අනිකුත් ශාක ඖෂධත් ඊට දෙවෙනි නොවේන්නේ එහි ඇති සාරය අපිට ඇති සියලු රූපලාවන්‍ය ගැටලුවලට විසදුම ලබා දෙන බැවිනි…
මේ සියවස වයසට නොයන සියවසයි.. තාක්ෂණික සහ වෙද්යමය දියුණුවත් සමග දැන් සොයන්නේ අවුරුද්දකින් හෝ වයසට නොයා සිටීමට හෝ වයස නොපෙනී සිටීමට බෙහෙත් වට්ටෝරුය… එහි එක් පියවරක් විදියට තමයි Food supplement වෙලදපලට ඇවිත් තියෙන්නේ.. ඒ යුරෝපීය රටවල් වල ඖෂධ ශාකයක් දකින්නට ලැබෙන්නෙත් කලාතුරකින් සහා ආහාරයට ගන්නෙත් කෘතිම දේවල් බැවිනි..
නමුදු ආහාර අතිරේකයක් ලබා ගන්න තරම් ලංකාවේ සිටින අපි දුප්පත් නොවන බව මට හැගේ… ඒ අපි තවමත් අපගේ ආහාර වේලට ගොටුකොල වගේ පලා වර්ගයක්, කෙසෙල්මුව, කොහිල, පොල් කිරි, කුළු බඩු වර්ග සතියකට වතාවක් හරි අපේ ආහාර වේලට එක් කරන නිසාවෙනි… මේවායින් අපේ ශරීරයට ශූග්ර පෝශක ලැබෙනකොට food supplement අමුතුවෙන් ගන්න දෙයක් නෑ.. ඒ ලංකාවේ අපි ඉපදුන එකට බෝනස් එකක් වේ…
ඒවගේම අපිට තියන මුතු අහූරු ඒ කියන්නේ ඖෂධ පැළෑටි වල පිහිටෙන් තවමත් සුන්දරත්වය දිගින් දිගටම පවත්වාගන්න පුලුවන්….
ඒ වගේ වටිනා ඖෂධ වර්ග කිහිපයක් තමයි මේ..
කෝමාරිකා – තවමත් අපේ හැම ගෙදරකම වගේ චූටි කෝමාරිකා පැළයක් තියනවා සමෙහි දුර්වර්ණ බව අඩු කරලා සම පිරිසිදු කිරීමේ ඉහල ගුණයකින් යුත් කෝමාරිකා විටමින් A,C,E B1, B2, B12, ෆෝලික් ඇසිඩ්, යකඩ, පොටෑසියම් , මැග්නීසියම්, සෝඩියම් වැනි පෝෂ පදාර්ථ බොහොමයකින් සමන්විත වේ. මේ නිසාම වයස්ගත කිරීම ප්‍රමාද කිරීම, නැවුම් රැලි රහිත දීප්තිමත් සමක් ලබා ගැනීමට මහගු ඖෂධයකි….
කස්තුරි කහ – මෙහි ඇති ප්‍රතිඔක්සිකාරකය මගින් සම වයස් ගත වීම නිසා හට ගන්නා රැලි, අදුරු ලප ඇතිවීම වලක්වනවා, සමේ වර්ණය වැඩි කිරීමටත්,දීප්තිමත් බව වැඩි කිරීමටත් මෙහෙ ඇති කර්කියුමින් නැමැති සංගටකයට පුලුවන් ඒ වගේම සමේ තෙතමනයත් රැක දීමට සමත්….
කොකුම් – කොකුම් කියන්නෙත් රූපලාවන්‍ය සත්කාරවලට නැතුවම බැරි ඖෂධයක්… දීප්තිමත් රන්වන් පැහැ සමකට උරුමකම් කීමට කොකුම් පොතුවල ඇති සාරය ඉවහල් වේ…
ඉතින් මේ තමයි අපිට තියෙන මුතු අහුරු
ඒ මුතු අහුරු වලින් ප්‍රයෝජන ගත් ආයතනයක් තමයි Bilesma Natural (Pvt.) Ltd. කියන්නේ… දේශීය ශාක සාරය එහෙන් පිටින්ම යොදාගෙන ඔබ අතට පත් කරන නිශපදන අතර ඉහත් කී වටිනා ශාක ඇතුලත් කොට කස්තුරිකෙයා බොඩි ලෝශන් එක ඔබ වෙතට ලබා දේ….. අතට ගත් සැනින් ශාක ශාර සුවද දැනෙන මෙය ඔබට දීප්තිමත්, රැලි රහිත, වයස පෙනුමින් අඩු සමක් ලබා ගැනීමට උපකාරී වන බව භාවිතා කල සියල්ලන්ගේම මතයයි…
එන්න අපි අපේ දේ අගයමු.. අපිට ඇති ශාකසාරයන්ගෙන් සුන්දරත්වය ලබා ගමු…
Add comment