“ඊයා බතල කියන්නෙ කන්න පුළුවන් කෑමක්ද අම්මේ”
බතල අලයක් තම්බලා කෑම මේසේ උඩ තියෙනවා දැක්කොත් අපේ චූටි නංගිගේ කටින් පිටවෙන වචනයක් තමයි ඕක.
ඒ වෙලාවේ අපේ සීයා හිට්යේ බුලත් හපයක් හපන්ට ලේස්ති වෙන ගමන් ඉස්තෝප්පුවේ. “චූටි දුවේ මෙහෙට වරෙන්කෝ” හාන්සි පුටුවේ වාඩිවෙන වෙන ගමන් සියා කිව්වා.
මේක ඇහුණු මමත් මගේ නෝට් බුක් එකයි පෑනයි අරගෙන මේසේ ලගින් වාඩි වුණා.මොකද මං දන්නවා හොඳ ආර්ටිකල් එකක් ලියන්න පුළුවන් කරුණු ටිකක් එකතු කරගන්න පුළුවන් කියලා.
පුතේ! උඹට මතකද උඹලගේ ආච්චි වයසට යද්දී මතක ශක්තිය අඩු වේගෙන අවා.ඉලත්තට්ටුව තියෙන තැන මතක නෑ, දවස කවද්ද කියලා මතක නෑ ඒ වගේ පොඩි පොඩි දේවල් අමතක වෙන්න ගත්තනේ,මෙහෙම වෙන්නේ පුතේ අපේ ඇග ඇතුලේ රුධිර ගමනාගමනය එහෙම හරියට වෙන්නේ නැති වුනාම.ඒක නිසා තමයි පුතේ සීයා ඉස්සර ඉඳලම බතල අල බහින්න වත්ත පහලින් දාලා තිබ්බේ.මොකද බතලවල ෆෝලික් ඇසිඩ් තියෙනවා.ෆෝලික් ඇසිඩ් වලින් අපේ ශරීරයේ රුධිර ගමනාගමනය හොඳින් සිද්ධ වෙනවා.එතකොට පුතේ අපේ මතක ශක්ත්තිය / ධාරණ ශක්තිය වර්ධනය වෙනවා.එක නිසා තමයි පුතේ අම්මා උඹට බතල අලයක් කවන්න ඔච්චර මහන්සි වෙන්නේ.
අපේ සීයා වයසට ගියාට ගහකොළ ගැන, සතා සීපාවා ගැන, ඒවායේ විද්‍යාත්මක හා පාරම්පරික පැත්ත ගැන හොඳ අවබෝධයක් තියෙනවා.සීයා එක්ක දවසක් හිටියොත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්.
මටත් හිතුණා බතලවල ඇත්තටම මෙච්චරටම ගුණ තියෙනවද කියල ගූගල් කරලා බලන්න.
✱ බතලවල විද්‍යාත්මක නාමය තමයි Ipomoea batatas
✱ විටමින්, යකඩ, කැල්සියම්, පොස්පරස්, ප්‍රෝටීන් සහ කබෝහයිද්රෙඩ් බතලවල අන්තර්ගත වෙනවා.
✱ ගර්භනී කාන්තාවන්ට බතල ඉතා යෝග්‍ය වෙනවා. විශේෂයෙන් දරු උපතින් පසුව උදරයේ ඇතිවන කැළැල් මැකීමේ
හැකියාවක් තියෙනවා.ඒ විතරක් නෙවෙයි කුසේ පිළිසිඳ ගත දරුවාගේ කයවර්ධනයට ඉතා යෝග්‍යයි.
✱ බතලවල තියෙන පෙක්ටීන් තන්තු වලින් කෑමවල සීනි අවශෝෂණය කර ගැනීමේ විශේෂ හැකියාවක් තියෙනවා.දියවැඩියා
රෝගීන්ට ඉතා යෝග්‍යයි.
✱ බතල කොළවලට සමේ තියෙන දද, කුෂ්ට, හොරි, සැරව ගෙඩි සුව කරන්න පුළුවන් විශේෂ හැකියාවක් තියෙනවා.
✱ විශේෂයෙන්ම බතල දඬු සහ බතල දලු මිශ්‍ර ව්‍යංජනයක් ආහාරයට ගැනීම මගින් ඩෙංගු රෝගීන්ගේ රුධිර පට්ටිකා ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් විශේෂ හැකියාවක් තියෙනවා.
One comment
Sani
Thanks for keep us informed …