මුහුණට වගේම අපේ සමටත් වැඩි අවධානයක් යොමු කල යුතුයි. බොහොදෙනෙක් බොඩිලෝශන් එකක් පාවිච්චි කරන්න කැමති එහි පවතින ආකර්ෂණීය සුවඳට පමණක් වන අතර එමගින් ඇතිවන ප්රතිලාභ මොනාද වත් සොයා බැලීමකින් තොරවයි. ඇත්තටම ඇයි අපි බොඩිලෝෂන් එකක් පාවිච්චි කරන්න ඕනි ?
වාෂ්පීකරණ ක්‍රියාවලිය සිදුවීමේදී අපේ සමෙන් ජලය පිට වී සමෙහි ප්රත්යාස්ථාවය අඩු වන අතර වියලිමට පටන් ගන්නවා. එමඟින් සම වියලී තද ඉරිතැලීම් පවා ඇති විය හැකියි .
මේ ආකාරයට හානි වූ සම විජලනය වීම නවතා තෙතමනය රඳවා නැවත යථා තත්වයට පත් කර ගැනීමේ හැකියාව බොඩිලෝෂන් එකක් සතුයි.වියලි සමක් තිබීම වයසින් වැඩි පෙනුමක් ලැබීමට හේතුවන අතර මානසික ආතතියද ඒ නිසාම ඇති වන්නේ නිතැතිනි.
මේ නිසා නිරෝගී සමක් සඳහා දිනපතා මොයිස්චරයිසින් කිරීම අත්‍යවශ්‍ය වේ, අපගේ සම ශරීරයේ විශාලතම ඉන්ද්රිය වන අතර තරුණ, කැළැල් රහිත සහ නිරෝගීව සිටීමට නිරන්තර අවධානයක් ලබා දීම අතයාවශ්යයි.
ඇත්තටම බොඩිලෝෂන් එකක් පාවිච්චි කිරීමෙන් අපිට ලැබෙන වාසි මොනවාද?
තරුන පෙනුම රැක ගැනිමට
බොඩිලෝෂන් එකක් දිනපතා භාවිතා කිරීම වයසට යාම වැලැක්වීමට උපකාරී වන අතර රැලි ඇතිවීමද වලකයි. එමඟින් දිගුකාලීනව බොඩිලෝෂන් භාවිතයෙන් තරුණ පෙනුමද දිගුකල් පවත්වා ගැනීමට හැකියාව ලැබේ .
සමට දීප්තියක් ලබා ගැනිමට
බොඩිලෝෂන් භාවිතයෙන් සම වියලීම වලක්වා ගත හැකි අතර එමගින් තෙතමනය ආරක්ෂා වන නිසා පුදුමාකාර දීප්තියක් එමගින් සමට ලැබේ .
දවස පුරාම නැවුම් සුවඳක් ලබා ගැනිමට
හොඳ සුවඳක් සහිත බොඩිලෝෂන් එකක් භාවිතා කිරීම ඔබගේ පෞරුෂය වර්ධනය කරගැනීමට උදව් වේ .
ස්කින් එක Relax කර ගැනිමට
බොඩිලෝෂන් සම මත හොදින් සම්භාහනය කිරීම මඟින් සම උණුසුම් වන අතර එමගින් සමට relax ස්වභාවයක් දැනීමට පටන් ගනී.ඔබේ සමෙහි මෘදු බවක් දැනීම නිසා ආතතිය ඉවත් කිරීමට, වේදනාව යටපත් කර ඔබගේ ශරීරයේ එන්ඩොර්ෆින් වැඩි වීමද සිදු වේ .
ඔබේ සම නිරෝගීව තබයි
ඔබේ සම බාහිර ක්ෂුද්‍ර ජීවීන්ගෙන් ආරක්ෂා කිරීමට සහ සමේ ක්ෂුද්‍ර ජීවී සමතුලිතතාවය පවත්වා ගැනීමට උපකාරී වේ. මේ නිසා ඔබට නිරෝගී සමක් ලබා ගත හැකිය.
බොඩිලෝෂන් එකක් භවිතා කල යුත්තේ කෙසේද ?
ස්නානයෙන් පසු තෙත් සමට ආලේප කිරිම මඟින් වැඩි ප්‍රතිඵල ලබා ගත හැක
ඔබේ සම දිනපතා මොයිස්චරයිසින් කිරීම මඟින් දීප්තිමත් නිරෝගි සමක් ලබා ගත හැකි අතර ඔබගේ skin type එක අනුව එය තෝර ගැනීමද වැදගත් වේ .
Add comment